Grammar & Verbs
ප්රංශ Verbs 50ක් — Présent Tense Conjugation සම්පූර්ණ List
ලියුවේ Ms. Shenya Wanninayakeප්රකාශිත 2025 මැදින් 510 min read
ප්රංශ Verbs — Present Tense සටහන්
French verbs වල present tense (le présent) form එක, දැනට සිදුවෙන දේ, පුරුදු දේ, සහ පොදු සත්යයන් කියන්න භාවිතා කරනවා — ඉංග්රීසි present tense එකට වගේම.
Regular verb කණ්ඩායම් 3ක් සහ රටාවකට අනුගත නොවන irregular verbs කණ්ඩායමක් තියෙනවා:
- -ER verbs — parler, manger, aimer
- -IR verbs — finir, choisir, réussir
- -RE verbs — vendre, attendre, répondre
- Irregular verbs — être, avoir, aller, faire
Pronouns සහ ඒවායේ තේරුම
| Pronoun | තේරුම |
|---|---|
| je | මම |
| tu | ඔබ (කිට්ටු, එකට) |
| il / elle / on | ඔහු / ඇය / කෙනෙක් |
| nous | අපි |
| vous | ඔබ (ගෞරවනීයව / බහුවචන) |
| ils / elles | ඔවුන් |
Group 1: Regular -ER Verbs
PARLER (කතා කිරීම)
| Pronoun | Form |
|---|---|
| je | parle |
| tu | parles |
| il / elle / on | parle |
| nous | parlons |
| vous | parlez |
| ils / elles | parlent |
AIMER (කැමති වීම / ආදරය කිරීම)
- je aime
- tu aimes
- il / elle / on aime
- nous aimons
- vous aimez
- ils / elles aiment
MANGER (කෑම කෑම)
- je mange
- tu manges
- il / elle / on mange
- nous mangeons
- vous mangez
- ils / elles mangent
TRAVAILLER (වැඩ කිරීම)
- je travaille
- tu travailles
- il / elle / on travaille
- nous travaillons
- vous travaillez
- ils / elles travaillent
නිතර භාවිත වන -ER verbs
| Verb | තේරුම |
|---|---|
| habiter | ජීවත් වීම |
| écouter | ඇහුම්කන් දීම |
| regarder | බැලීම |
| chercher | සොයන්න |
| trouver | හොයාගැනීම |
| penser | හිතීම |
| jouer | සෙල්ලම් කිරීම |
| marcher | ඇවිදීම |
| acheter | මිලදී ගැනීම |
| donner | දීම |
Group 2: Regular -IR Verbs
FINIR (ඉවර කිරීම)
| Pronoun | Form |
|---|---|
| je | finis |
| tu | finis |
| il / elle / on | finit |
| nous | finissons |
| vous | finissez |
| ils / elles | finissent |
නිතර භාවිත වන -IR verbs
| Verb | තේරුම |
|---|---|
| choisir | තෝරාගැනීම |
| réussir | සාර්ථක වීම |
| remplir | පුරවන්න |
| grandir | හැදෙන්න |
| obéir | කීකරු වීම |
| réfléchir | හිතන්න |
Group 3: Regular -RE Verbs
VENDRE (විකිණීම)
| Pronoun | Form |
|---|---|
| je | vends |
| tu | vends |
| il / elle / on | vend |
| nous | vendons |
| vous | vendez |
| ils / elles | vendent |
සරල උදාහරණ වාක්ය
-
Je parle français. මම ප්රංශ භාෂාවෙන් කතා කරනවා.
-
Nous aimons la musique. අපි සංගීතයට කැමතියි.
-
Il finit son travail. ඔහු ඔහුගේ වැඩේ ඉවර කරනවා.
-
Vous achetez un livre. ඔබ පොතක් මිලදී ගන්නවා.
-
Je suis étudiant. මම ශිෂ්යයෙක්.
-
Nous avons un cours. අපිට පන්තියක් තියෙනවා.
-
Ils vont à l'école. ඔවුන් පාසලට යනවා.
මේ List එක වැදගත් වෙන්නේ ඇයි
O/L, A/L සිසුවෙකුට ලියන්න, කතා කරන්න අවශ්ය එදිනෙදා ප්රංශ වාක්යවලින් වැඩි කොටසක් ආවරණය කරනවා. එක එක verb එක වෙන වෙනම කටපාඩම් කරනවා වෙනුවට, කණ්ඩායම් 3හි conjugation රටාව ඉගෙන ගැනීමයි, ඉදිරියේදී අලුත් verbs ලේසියෙන් ඉගෙන ගන්න උදව් වෙන්නේ.
පුහුණුවට සරල ගීත
කෙටි ප්රංශ ගීත ඇහීම, උච්චාරණය සහ rhythm එක දියුණු කරගන්න සරල ක්රමයක්.
- La Vie en Rose — උච්චාරණය පුහුණු වෙන්න පහසු classical ගීතයක්.
- Aux Champs-Élysées — එදිනෙදා වචන මාලාවට ප්රයෝජනවත්.
- Alouette — ශබ්ද සහ නැවත කීම ඉගෙන ගන්න හොඳයි.
මුලින් අහන්න, පස්සේ chorus එක සෙමින් නැවත කියන්න. වේගය නෙවෙයි, උච්චාරණය දිහා අවධානය යොමු කරන්න.
අධ්යයන සටහන
Verbs 5-6ක කුඩා කණ්ඩායමක් හිතන්නෙම නැතුව conjugate කරන්න පුළුවන් වෙනකම් පුහුණු වෙන්න, ඊට පස්සේ අලුත් ඒවා එකතු කරගන්න. Pronoun එක එකක් එක්කම (je, tu, il, nous, vous, ils) සම්පූර්ණ වාක්ය ලියීම, table එක විතරක් කටපාඩම් කිරීමට වඩා රටාව මතක තියාගන්න ලේසි කරනවා.
අනාගතයේදී සාර්ථක වෘත්තීය ගමනක් (Career path) සඳහා ආයෝජනයක් කිරීමට නම්, පාසල් කාලයේදීම ප්රංශ භාෂාව නිවැරදිව ඉගෙනීම ඉතා වැදගත් වේ. එය හුදෙක් විභාග සහතිකයකට පමණක් සීමා නොකර, ඔබේ අනාගත රැකියා සිහිනය හැබෑ කරගන්නා ප්රධාන යතුරක් කරගන්න.
2027/2028 සාමාන්ය පෙළ (O/L) සහ උසස් පෙළ (A/L) විභාග සඳහා ප්රංශ භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට French Avenue Masterclass සමඟින් අදම එක්වන්න. වැඩි විස්තර සඳහා අපගේ Enroll Now පිටුවට පිවිසෙන්න.
Ms. Shenya Wanninayake — MA Linguistics (UOK) · DELF B1 · French Avenue Masterclass
- Grammar
- Verbs
- Conjugation
- Reference
- O/L
- A/L
අදාළ ලිපි
Class Videos
අපගේ ප්රංශ පන්තියක් ඇතුළින් කෙටි දසුනක්
අපගේ ප්රංශ පන්තියක සජීවී මොහොතක් — ඔබ එකතු වීමට පෙර පන්තියක ස්වභාවය දැනගන්න.
Exam Tips & Guides
O/L සහ A/L ප්රංශ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් ලබා ගන්නේ කෙසේද?
O/L සහ A/L French විභාගයට A සාමාර්ථයක් ලබාගැනීමට grammar, vocabulary, past papers, oral practice සහ time management study tips මෙතැනින් ඉගෙනගන්න.
Career & Education
ලංකාවේ ප්රංශ භාෂාව ඉගෙන ගන්න තියෙන හොඳම ආයතන මොනවාද? | Best French Institutes in Sri Lanka
ශ්රී ලංකාවේ O/L, A/L, beginners සහ migration සඳහා හොඳම French language institutes 4ක් සසඳා, ඔබට ගැළපෙන ප්රංශ පන්තිය තෝරාගන්න.